×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ඉන්ධන මිල සංශෝධනය වෙයි

Local  •  Published on: 2025-10-31 16:06:53

මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල ගණන් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 299කට පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් පහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එහි නව මිල රුපියල් 294කි.

තවද රුපියල් 313කට පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා,

එහි නව මිල වන්නේ රුපියල් 318කි.

කෙසේ වෙතත් රුපියල් 335ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදුව නැහැ.

ඊට අමතරව රුපියල් 277කට පැවැති සුදු ඩීසල් ලීටරයක මිල සහ රුපියල් 180ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල කිසිඳු වෙනසක් සිදුව නැහැ.