×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

මන්ත්‍රීවරුන් 20ක් ගිනිඅවි ඉල්ලයි

Local  •  Published on: 2025-11-01 15:33:20

තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනි අවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් 20 දෙනෙක් පමණ ඉල්ලීම් සිදුකර ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශවලින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.

එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශය වෙත මේ වන විට යොමු කර ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව පසුගියදා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙම සාකච්ඡාවෙන් පසුව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කථානායකවරයා මෙන්ම පොලිස්පතිවරයා ද එකඟතාව පළ කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබාදීමට තීරණය කර නොමැති අතර පවතින තර්ජන පිළිබඳ සිදුකරන විශ්ලේෂයණයකින් පසුව ගිනිඅවි නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.