×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

ආණ්ඩු පෙරළි ගැන අජිත් දොවාල්ගෙන් අමුතු කතාවක්

Local  •  Published on: 2025-11-02 04:41:34

ශ්‍රී ලංකාව බංග්ලාදේශය සහ නේපාලය යන රටවල මෑතකදී අවිධිමත් ලෙස සිදුවූ පාලන තන්ත්‍රයන්හි වෙනස්කම්වලට දුර්වල රාජ්‍ය පාලනය හේතු වූ බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ නව දිල්ලිහිදී පැවති දේශනයකට එක්වෙමින්.

එම රටවල ආණ්ඩු විරෝධී ජනතා නැගිටීම්වලට පාලනයේ දුර්වලතා හේතු වූ බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා.

ජාතික ගොඩනැගීමේ දී සහ ජාතියක් සුරක්ෂිත කිරීමේ දී රටක පාලන තන්ත්‍රය විසින් දැවැන්ත වැදගත් කාර්ය භාර්යක් ඉටු කරන බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක පවසන්නේ.

වත්මන් රාජ්‍ය පාලනයන් වෙත නැගී එන අභියෝගය වී ඇත්තේ වැඩිවන අවශ්‍යතා හමුවේ පොදු මිනිසා තෘප්තිමත්ව තබා ගැනීම බවද ඔහු මෙහිදී පවසා තිබෙනවා.