×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ONMAX DT මිලියන 7ක ක්‍රිප්ටෝ මුදල් රජයට පවරා ගන්න - CID අධිකරණයෙන් ඉල්ලයි

Local  •  Published on: 2025-11-02 11:07:08

නීතිවිරෝධී පිරමිඩාකාර මුල්‍ය ආයතනයක් වන ONMAX DT ආයතනයේ හයවැනි සැකකරුගේ පුද්ගලික වොලට් 6ක තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි ප්‍රතිචාර සංසද ඒකකයට භාරයට ගෙන තිබෙන රුපියල් මිලියන 7කට අධික ක්‍රිප්ටෝ මුදල් රජය භාරයට ගැනීමට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට නියෝගයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවෙයි.

එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ තැන්පත්කරුවන් සතු රුපියල් මිලියන 7කට අධික මුදලක් ONMAX DT ආයතනයේ 6 වැනි සැකකරුගේ පුද්ගලික වොලට් 6ක තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි ප්‍රතිචාර සංසද ඒකකය භාරයට ගෙන ඇති බවයි.

අදාළ මුදල රජයට භාරදීම සඳහා මහ භාණ්ඩාගාර ලේකම්වරයාට නියෝගයක් ලබාදෙන ලෙසට එම හදිසි ප්‍රතිචාර සංසද ඒකකය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.