×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

වනඅලි පලවා හැරීමේ මෙහෙයුම අද හම්බන්තොටින් ඇරඹේ

Local  •  Published on: 2025-11-02 14:36:37

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද (02) පස්වරුවේ වනඅලි පලවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිතයි.

එම ප්‍රදේශයන්හි ජන ජීවිත හා දේපල මෙන්ම වන අලින්ගෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් විදුලිවැට කඩා ගම්වැදුනු වනඅලි යළි විදුලි වැටෙන් ඔබ්බට ගෙන යාම මෙහි සැලසුම වී තිබෙනවා.

මෙම මෙහෙයුමට වනජීවී නිලධාරීන්, ගුවන් හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු නිලධාරීන් 2000ක් පමණ එක්වීමට නියමිත බවද වාර්තා වනවා.