චීනයෙන් ආ සුළං පෙත්ත මන්නාරමේ දී ස්කැමල් එකත් එක්කම බිම
Local • Published on: 2025-11-02 15:26:40
මන්නාරමේ ඉදි කිරීමට යෝජිත සුළං බලාගාරයට රැගෙන යාමට ත්‍රිකුණාමලය වරායේ සිට ප්‍රවාහනය කළ සුළං පෙත්තක් රැගත් ස්කැමල් වර්ගයේ ලොරියක් අද (02) පස්වරුවේ වරාය පිවිසුම් දොරටුව අසලදී පෙරලී ගොස් තිබෙනවා.
මීටර් 76ක දිගකින් යුත් සුළං පෙත්තක් රැගත් ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.
පයිබර් ග්ලාස්වලින් නිෂ්පාදිත මෙම සුළං පෙත්තක බර ටොන් 36ක් වන බවයි වාර්තා වන්නේ.
ස්කැමල් වර්ගයේ ලොරියකින් ප්‍රවාහනය කිරීම සනහා වරාය පිවිසුම් දොරටුව අසලට රැගෙන යන අවස්ථාවේ දී ලොරියේ සමබරතාවය ගිලිහී යාම හේතුවෙන් මෙම ලොරිය පෙරලී ගොස් තිබුණා.
අදාළ සුළං පෙති චීනයේ සිට මෙරටට ආනයනය කර ඇති බව වාර්තා වනවා.
මෙලෙස ආනයනය කරන ලද සුළං පෙති දහයෙන් 7ක් මන්නාරමට ප්‍රවාහන කර තිබූ බව සඳහන්.
ඉතිරි ඒවායින් එකක් ප්‍රවාහනය කරන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
වරාය සේවකයින් පවසන්නේ පෞද්ගලික සමාගමක් විසින් මෙහි ප්‍රවාහන කටයුතු සිදු කරන අතර එක් වරකට එක් ලොරියකින් එක් සුළං පෙත්තක් පමණක් ප්‍රවාහනය කළ හැකි බවයි.
අනතුරෙන් ලොරි රථයේ රියදුරු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ගබඩා සංකීර්ණයේ වහලයේ කොටසක් හා එහි ඉදිරිපස කොටස, බුදු මැදුර,වාරයේ අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධතියේ කොටසක් ද අනතුරෙන් හානි වූ ගොඩනැගිලි අතරට අයත් වන බව සඳහන්.