×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ඥානසාර හිමියනුත් ආරක්ෂාව ඉල්ලයි

Local  •  Published on: 2025-11-02 16:26:30

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් තමන් වහන්සේ ඝාතනය කිරීමට සුදානමක් පවතින හෙයින ඇමති ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙක් ආරක්ෂාවට දෙන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

උන්වහන්සේ සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ බුද්ධි අංශ නිලධාරීන් ද තම විහාරස්ථානයට පැමිණ එම තර්ජනය පිළිබඳව දැනුම් දුන් බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැන නැග ඇති ගෝලීය ත්‍රස්තවාදය හා බැඳුණු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව තමන් වහන්සේ කළ විවිධ හෙළිදරව් කිරීම් හේතුවෙන් බොහෝ අන්තවාදී ක්‍රියාකාරකම් නතර කර ගැනීමට හැකි වූ බවත් මෙම තත්තවය යටතේ තමන් වහන්සේ ආරක්ෂාව පැත්තෙන් අවදානමට ලක්ව ඇති බවත් උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා.

උන්වහන්සේ සඳහන් කරන්නේ සුදුසු ආරක්ෂාවක් රජයෙන් ඉල්ලා සිටියද තවමත් එය ලැබී නොමැති බවයි.