×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

ඉන්දීය කාන්තා කණ්ඩායම ලෝක කුසලානයක පහස විඳගනී

Sports  •  Published on: 2025-11-03 01:23:20

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 52කින් පරාජය කරමින් එක්දින ලෝක කුසලානය පළමුවරට සිය මව්බිමේ දී තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (02) රාත්‍රියේ සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 298ක් රැස්කළා.

එහිදී ඉන්දියාව වෙනුවෙන් Shafali Verma ලකුණු 87ක් රැස් කිරීමට සමත් වුණා.

Deepti Sharma ලකුණු 58යි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් Ayabonga Khaka ලකුණු 58කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.

ලකුණු 299ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 3කදී ලකුණු 246කට සියලු දෙනා දැවී ගියා.

මෙම ජයග්‍රහණය සමඟ ඉන්දීය පිරිමි හා කාන්තා කණ්ඩායම දිනාගත් ක්‍රිකට් ලෝක කුසලාන ගණන 5කි.

ඉන්දීය පිරිමි කණ්ඩායම එක්දින ලෝක කුසලාන 2ක් (1983, 2011) හා විස්සයි විස්ස ලෝක කුසලාන 2ක් (2007, 2024) මීට පෙර ජයග්‍රහණය කර තිබුණා.

ඉන්දීය කාන්තා කණ්ඩායම මීට පෙර අවස්ථා දෙකකදී එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟය ක්‍රීඩා කර තිබුණ එම අවස්ථා දෙකේදී ඔවුන් පරාජය වී තිබුණා.

ලෝක කුසලාන පිපාසයෙන් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම පරාජය සමඟ ආසන්න අවස්ථා දෙකකදී ලෝක කුසලාන 2කට හිමිකම් කීමට තිබූ අවස්ථාව අහිමිව ගියා.

කෙසේ වෙතත් ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකානු පිරිමි ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ඕස්ට්‍රේලියාව පරාජය කර 2023 - 2025 ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට සමත් වුණා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයක් ක්‍රීඩා කළ පළමු අවස්ථාව මෙය වනවා.