×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ආණ්ඩුවට එරෙහි රැළිය විපක්ෂයේ පක්ෂ රැසක් මඟ හරින ලකුණු?

Local  •  Published on: 2025-11-04 01:32:28

ආණ්ඩුවට එරෙහිව ලබන 21 වනදා නුගේගොඩ පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළියට සහභාගී වීම විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (03) සවස හිටපු අමාත්‍ය G L පීරිස් මහතාගේ නිවසේ දී විපක්ෂයේ දේශපාලන පක්ෂ එකමුතුව විසින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාවට එක්වෙමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ තමන් මෙම රැළියට එක් නොවන බවයි.

මෙම සාකච්ඡාව සඳහා සමඟි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ දයාසිරි ජයසේකර මහතා ද එක්ව සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ තමා මෙම රැළියට සහභාගී වනවාද නැද්ද යන්න තවම තීරණය කර නොමැති බවත් විපක්ෂයක් ලෙස සියලු දෙනාම මේ ජන රැළියට ආශීර්වාදය කරන නමුත් ඊට එක්වීම එක් එක් පක්ෂවල ස්වාධීන තීන්දුවක් බවත්ය.

රැළිය සම්බන්ධ කළ සාකච්ඡාවල දී අවසන් අවස්ථාව තෙක් සමඟි ජන බලවේගයේ නියෝජිතයෙක් සාකච්ඡාවට එක්ව සිටියද අවසන් මොහොතේ ඉවත් වූ බවද මන්ත්‍රීවරයා පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගය ලබන 21 වනදා පැවැත්වීමට නියමිත රැළියට සහභාගී නොවන බව මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා.