×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

Govpay ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියනයේ සීමාව පසු කරයි

Business  •  Published on: 2025-11-04 01:48:33

මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන "Govpay" හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් කළේ ඊයේ (03) දිනය වන විට මෙම සන්ධිස්ථානය පසු කිරීමට හැකිව ඇති බවයි.

මේ වන විට රාජ්‍ය ආයතන 200ක් මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා එක්ව ඇති බවද එම අමාත්‍යාංශය පවසනවා.

රාජ්‍ය සේවාවන්වල ආරක්‍ෂිත සහ මාර්ගගත ගෙවීම් කටයුතු සඳහා "Govpay" ඩිජිටල් ගෙවීම් පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදනය තාක්ෂණ ඒජන්සිය සහ ලංකා පේ එක්ව හඳුන්වා දී තිබෙනවා.

බදු, දඩ ඇතුළු විවිධ රජයට අදාළ ගණුදෙනු වේගවත් පහසු සහ මුදල් රහිතව සිදු කිරීමේ අරමුණින් මෙම නව ගෙවීම් පද්ධතිය හඳුන්වා දෙනු ලැබුවා.

ඊයේ (03) දිනය වන විට මෙමඟින් ගණුදෙනු 40920ක් සිදුකර ඇති බව වාර්තා වනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම වැඩසටහනේ මීළඟ අදියර ලෙස රාජ්‍ය ආයතන දහසක් එක්කර ගැනීම සහ රුපියල් ට්‍රිලියනයක ගෙවීම් සීමා පසු කිරීම අරමුණු වී ඇති බවයි.