×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

කුඩු සලිඳුගේ මත් ජාවාරමේ සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

Local  •  Published on: 2025-11-04 16:22:41

විදේශ රටකට පලා ගොස් සිටින ප්‍රබල පාතාල අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලිඳු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සලිඳු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසිනි.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 301යි මිලිග්‍රෑම් 580ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250යි මිලිග්‍රෑම් 490ක් සහ රුපියල් 131000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය පැවසුවේ අදාළ කාන්තාව 36 හැවිරිදි බණ්ඩාරගම කිතුලාව ප්‍රදේශයේ පදිංචි ප්‍රමිතා සුභාෂිණි නොහොත් පලාතොට මධූ නමැත්තිය බවයි.

තවද මෙම කාන්තාවගේ සැමියා ද මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලීමේ වරදට මේ වන විට බන්ධනාගාර ගතව සිටිනවා.

මෙහිදී අත්අඩංගුවට ගැනුණු පිරිමි පුද්ගලයා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 740ක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු දියගම ගල්පාත ප්‍රදේශයේ පදිංචි ලහිරු කුමාර හෙවත් චුටි නමැති 29 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

මෙම සැකකරුවන් රඳවා තබා ගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බවද වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියා සිටියා.