×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

චරිත රත්වත්තෙට ඇප

Local  •  Published on: 2025-11-04 16:29:12

දූෂණ චෝදනාවක් පිළිබඳව සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන චරිත රත්වත්තේ මහතා ඇපමත මුදා හරින ලෙස ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.

මේ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කර තිබෙනවා.

පසුව පැමිණිල්ල ජනවාරි මස 23 වනදා කැඳවීමට අධිකරණය නියෝග කළ බවද වාර්තා වනවා.

අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් මෙම නඩුකරය කැඳවනු ලැබුවේ මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළයි.

හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් කොමිසම මඟින් අද (04) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

2015 වසරේ දී අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත මිලදී ගැනීම සඳහා කිසිඳු අවශ්‍යතාවයක් නොතිබූ ධාන්‍ය වර්ග තාවකාලිකව ගබඩා කිරීම සඳහා භාවිත කරන කොකුන් ගබඩා 50ක් අනුගමනය නොකර මිලදී ගැනීමට තුළින් රජයට කෝටි 9කට අධික මුල්‍ය පාඩුවක් සිදුකිරීමේ චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.