×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ලංකාවේ දිස්ත්‍රික්ක 4ක අද සුනාමි පෙරහුරුවක්

Local  •  Published on: 2025-11-05 04:27:02

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් අද (05) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම විසින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇගවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හරහා සම්බන්ධීකරණය කරන ලද කලාපීය අභ්‍යාසයක් ලෙස මෙය සංවිධානය කර ඇති බවයි.

මෙම වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5ක් ඇතුළත් කර තිබෙනවා.

මෙහි ප්‍රධාන ජාතික පෙරහුරු අභ්‍යාසය කළුතර දිස්ත්‍රික්කය තුළ පැවැත්වෙන අතර එය අද පෙරවරු 08.30ට ආරම්භ කිරීමට නියමිතයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, පළාත්පාලන ආයතන, පාසල්, හෝටල් ඇතුළු පාර්ශවකාර ආයතන මෙම පෙරහුරු අභ්‍යාසය සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.