UPDATE - කටුකුරුන්ද වෙරළ තීරයේ රුපියල් කෝටි 3ක හෂීෂ් හමුවෙයි
Local • Published on: 2025-11-05 04:30:19
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී අද (05) උදෑසන සොයාගෙන ඇත්තේ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.
මෙහි රුපියල් කෝටි 3කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12ක පමණ තිබී ඇති බව සඳහන්.
වෙරළට ගොඩගසා තිබූ මෙම පාර්සලය පළමුව දැක ඇත්තේ ඒ අසල සංචාරක හෝටලයක සේවකයින් පිරිසකි.
පසුව ඔවුන් ඒ බව ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.
මේ අනුව කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු කඳවුරේ නිලධාරීන් පැමිණ අදාළ පාර්සලය විමර්ශන කටයුතු සඳහා රැගෙන ගියා.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කළුතර දකුණ පොලීසිය විමර්ශන සිදුකරනවා.
-------------------------------------------------------------------------------
කටුකුරුන්ද වෙරළ තීරයෙන් සැකසහිත පාර්සලයක් හමුවෙයි (2025.11.05 - 10.03AM)
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයට අද (05) උදෑසන මත්ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් ගොඩගසා තිබෙනවා.
කිලෝ 10ක පමණ බරැති පර්සාලයක් මෙලෙස වෙරළට ගොඩසා තිබියදී ඒ අසල සංචාරක හෝටලයක සේවකයින් දැක ඒ සම්බන්ධව ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බව සඳහන්.
පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ එම පාර්සලය ඉදිරි විමර්ශන කටයුතු සඳහා රැගෙන ගොස් තිබෙනවා.
මෙම පාර්සලය මුහුදේ පාවී ආවේද නැතිනම් කිසියම් පුද්ගලයෙකු පැමිණ මෙම ස්ථානයේ දමා ගොස් තිබේද යන්න පිළිබඳව කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කළුතර දකුණ පොලීසිය විමර්ශන සිදු කරනවා.