×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

අමෙරිකාවේ දී ගුවන් යානයක් කඩා වැටෙයි

Foreign  •  Published on: 2025-11-05 04:40:19

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටී ගිනිගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් 11 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි.

United Parcel Service මෙහෙයවනු ලබන McDonnell Douglas MD11F නැමැති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අදාළ ගුවන් යානය ගුවන් ගත වීමේදී අනතුරට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම අනතුර හේතුවෙන් අදාළ ගුවන්තොටුපොළේ දී සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ද පියවර ගෙන තිබූ බවද එරට මාධ්‍ය වාර්තා කරනවා.