ට්‍රම්ප්ගේ තර්ජන මැද නිව්යෝර්ක් හි නගරාධිපති වූ සොහ්රාන් මම්දානි
Foreign • Published on: 2025-11-05 17:21:26
එක්සත් ජනපදයේ විශාලතම නගරය වන නිව්යෝර්ක් නගරයේ ලාබාලතම නගරාධිපතිවරයා ලෙස සොහ්රාන් මම්දානි ඉතිහාසගත ජයග්‍රහණයක් ලබා ගැනීමට අද (05) සමත් වුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකු වන ඔහු ඡන්ද 948202ක් ලබාගෙන ඇති බවයි.
එය ප්‍රතිශතයක් ලෙස 50.6% කි.
ඒ ඊයේ (04) පැවැති ඡන්ද විමසීමේ දී හිටපු ආණ්ඩුකාරවරයෙක් ද ස්වාධීන අපේක්ෂා ඇන්ඩෲ කියෝමෝ පරාජයට පත් කරමින්.
මේ අනුව ඔහු 2026 ජනවාරි 1 වනදා නගරාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.
මෙම නගරාධිපති අපේක්ෂක තරඟය ආරම්භයේ සිටම ජනාධිපති ට්‍රම්ප් හිටපු නිව්යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාර හට සිය සහයෝගය පළකර සිටියා.
ඩිමොක්‍රටික් සොහ්රාන් මම්දානි ජග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව මෙහිදී ට්‍රම්ප් සඳහන් කර තිබුණා.
කෙසේ නමුත් මෙම තර්ජනය මිලියන 8.4කට අධික ජනතාවක් නොසලකා හැර ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.
මම්දානි ඔහුගේ අභිලාෂකාමී දැක්ම යටතේ දැරිය හැකි මිලකට භාණ්ඩ අලෙවිය, නිව්යෝර්ක් නගරයේ පළමු විශ්වීය ළමාරක්ෂක වැඩසටහන නිර්මාණය කිරීමේ සැලැස්මක්, නගර බස් රථ නොමිලේ කිරීම සහ නගරයේ කුලී ස්ථාවර කුලී නිවැසියන් මිලියනයක් සඳහා කුලිය කැටි කිරීම ජනතා ආකර්ෂණයට හේතු වී තිබුණා.
ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම ජයග්‍රහණය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වයට ප්‍රභල පහරක් බවයි.
ඉතිහාසයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා ලෙස මෙන්ම දකුණු ආසියානු සම්භවයක් ඇති ප්‍රථම පුද්ගලයා ද වන්නේ මම්දානියි.
ඔහුගේ මව වන මීරා නායර් කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂවරියක වන අතර ඔහුගේ පියා මහාචාර්ය මහමූද් මම්දානි කොලොම්බියාවේ ඉගැන්වීම් කටයුතු සිදුකරනවා.
ඔවුන්ගේ දෙමාපියන් දෙදෙනාම හාවඩ් උපාධිධාරීන් වන බවද සඳහන්.