×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

හිටපු ජනාධිපතිවරුන් කොළඹින් ගෙවල් සොය යයි

Local  •  Published on: 2025-09-19 09:02:01

හිටපු ජනාධිපතිවරුන් කොළඹින් තමාට සුදුසු නිවෙස් සොයා ගැනීමට මේ දිනවල දැඩි උත්සාහයක නිරතව සිටින බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ හිටපු ජනාධිපතිවරුන්ට ඔවුන්ට ගැලපෙන නිවෙස් සෞආ දීමට ඔවුන්ගේ ඥාතීහු සහ හිතවතුන් කටයුතු කරමින් සිටින බවයි.

තවද හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් දුන් වාහන ද අහිමිවීම හේතුවෙන් තමා පාවිච්චියට වාහන සොයා ගැනීමට ද ඇතැමුන්ට සිදුව ඇති බව සඳහන්.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පදිංචි වීම සඳහා සුදුසු නිවසක් සොයමින් සිටින බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බත්තරමුල්ලෙන් නිවසක් දැනමටත් සොයාගෙන ඇති බවත් වාර්තා වනවා.

හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස මේ වන තෙක් හරියාකාරව භාරදී නොමැති අතර ඉදිරි දිනවල එම භාරදීම් කටයුතු කිරීමට නියමිතයි.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් අනතුරුව සෑම හිටපු ජනාධිපතිවරයෙකුට රුපියල් 95000ක විශ්‍රාම වැටුප සහ ආරක්ෂාව පමණක් හිමි වනවා.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියට විශ්‍රාම වැටුප අහිමිව ගියා.

වැන්දඹු විශ්‍රාම වැටුප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොව ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ හිමිවූ එකක් හෙයිනි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන්ට රජයේ බංගලා අහිමි වීමෙන් ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන්ට නවාතැන් සැපයීමද බරපතළ ගැටළුවක් ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් පමණක් රජයේ බංගලා ලබා නොගත් අතර ඔවුන්ට දැනට පදිංචිව සිටින්නේ ඔවුන්ට අයත් නිවාසලටයි.

මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ බංගලා ලබා ගැනීමට අමාත්‍යාංශ ඇතුළු ආයතන ගණනාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා.