×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

ජාජබ බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරදී

Local  •  Published on: 2025-11-06 15:59:49

ජාතික ජන බලවේගයට බලය පවතින කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරාජයට පත්ව තිබෙනවා.

කොලොන්න ප්‍රාදේශීය සභාවේ මාසික වාරය අද (06) පෙරවරු 10ට එහි සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

කොලොන්න ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය ආසන 9ක් ද විපක්ෂයේ සියලු කණ්ඩායම් ආසන 10ක් ද දිනා ගනිමින් විපක්ෂය බලය හිමිකර ගත්තද සභාපති තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වුණා.

එම ඡන්දයේ දී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරමින් කොලොන්න ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවනු ලැබුවා.

කෙසේ වෙතත් මංගල අයවැය සඳහා පැවැති පළමු වර කියවීමේ ඡන්ද විමසීමේ දී අයවැය පරාජය කිරීමට විපක්ෂයේ කණ්ඩායම් කටයුතු කර තිබෙනවා.

කොලොන්න ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගයේ සභිකයින් 9ක්, සමගි ජන බලවේගයේ සභිකයින් 5ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් 3ක්, එක්සත් ජාතික පක්ෂයේ එක් සභිකයෙකු සහ සර්වජන බලය පක්ෂයේ එක් සභිකයෙකුගෙන් සමන්විත වනවා.