×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

මීළඟ දියවඩන නිලමේ කවුද? තීරණාත්මක ඡන්දය අද

Local  •  Published on: 2025-11-07 02:52:55

මහනුවර ශ්‍රී දළදා මාලිගාව සඳහා නව දියවඩන නිලමේවරයෙකු තෝරා ගැනීම සඳහා වන නිලවරණය අද (07) සිදු කිරීමට නියමිතයි.

මේ අනුව ඊට අදාළ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයෙකු අධීක්ෂණය යටතේ මහනුවර බෞද්ධ බලමණ්ඩල ශාලාවේ දී අද (07) ප.ව. 2ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර දියවඩන නිලවරණය සඳහා

වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල,

දමින්ද බණ්ඩාර උඩුරාවණ (බස්නායක නිලමේ මහනුවර කතරගම හා පස්ගම දේවාල),

ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක (බස්නායක නිලමේ නාථ හා ඇම්බැක්ක දේවාල),

තිලක් සුබසිංහ (මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාල),

ගාමිණි කළුහෙන්දිවල (විද්‍යා උපාධිධාරි),

රොෂාන් ප්‍රියදර්ශන (ව්‍යාපාරිකයක),

නන්ද මඩුගල්ලේ (විශ්‍රාමික යුද හමුදා කර්නල්).

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව මහා සංඝරත්නයේ සාමාජිකයින් ඇතුළු පුද්ගලයන් 263 දෙනෙක් මෙවර නිලවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

විහාර සහ දේවාලගම් ආඥා පනතට අනුකූලව දියවඩන නිලමේවරයෙකුගේ ධූර කාලය වසර 10ක් වනවා.

මේ අනුව අද (07) දින පත්වන දියවඩන නිලමේවරයාට 2035 දක්වා සේවය කිරීමට හැකියාව හිමිවනවා.

උඩරට රාජධානිය ඉංග්‍රීසින් අතට පත්වූ පසු, මේ දක්වා දියවඩන නිලමේ ධුරය දැරූ අය ගණන 19 දෙනෙක් සේවය කර තිබෙනවා.