×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

T20 ලෝක කුසලානය ගැන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් පැහැදිළි කිරීමක්

Local  •  Published on: 2025-11-08 07:38:44

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පෙබරවාරි මස පැවැත්වෙන විස්සයි විස්ස පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පූර්ව සුදානම සම්බන්ධව ICCයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

මේ අනුව තරඟාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරඟ අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායි යන නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ සම්බන්ධව අවසන් තීරණය ගෙන නැහැ.

කෙසේ වෙතත් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණය තෝරාගෙන තිබෙනවා.

විස්සයි විස්ස තරඟාවලිය පෙබරවාරි 7 වනදා ආරම්භ වීමට නියමිතයි.

තරඟාවලියේ අවසන් මහා තරඟය මාර්තු මස 8 වනදා අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් ආයතනය හා පාකිස්ථාන ක්‍රිකට් ආයතනය අතර ඇති කරගත් එකඟතාව අනුව ඔවුන්ගේ රටක් සත්කාරකත්වය දරන අවස්ථාවකදී මධ්‍යස්ත ස්ථානයකදී ක්‍රීඩා කරනු ලබනවා.

මේ හේතුවෙන් පාකිස්ථානය ඔවුන්ගේ සියලුම තරඟ ශ්‍රී ලංකාවේ දී ක්‍රීඩා කරන අතර ඔවුන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවහොත් එම තරඟය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා.

ICC නිර්ණායක අනුව තරඟාවලිය ආරම්භ වීමට මාස 3කට පෙර තරඟ කාලසටහන නිකුත් කළ යුතුව ඇති අතර මේ අනුව බොහෝ දුරට ලබන සතියේ දී එය නිකුත් කිරීමට ඉඩ තිබෙනවා.

මෙවර තරඟාවලියට කණ්ඩායම් 20ක් ක්‍රීඩා කරන ඔවුන් කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩා කරනු ලබනවා.

එම සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම කණ්ඩායම් දෙක සුපිරි අට අදියරට පිවිසෙනවා.

මෙහිදී ඔවුන් කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකකට බෙදී තරඟ වදින අතර ඒ කාණ්ඩ දෙකෙන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමගින් ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, අමෙරිකාව, බ.ඉ. කොදෙව්, නවසීලන්තය, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය, නේපාලය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නැමීබියාව හා සිම්බාබ්වේ මේ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.