අමෙරිකාවේ ගුවන් ගමන් 1460ක් අවලංගු වෙලා
Foreign • Published on: 2025-11-09 04:14:52
අමෙරිකානු සෙනෙට් සභාවේ දී අවශ්‍ය අරමුදල් ලබාදීමේ පනත් කෙටුම්පත සම්මත නොවීම හේතුවෙන් එක්සත් ජනපදය තුළ හටගෙන ඇති අර්බුද තවත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් රජය වසා දැමීම සමඟ ගමනාගමනය කපා හරින ලෙස ගුවන් සමාගම්වලට දැනුම් දීමෙන් පසුව එක්සත් ජනපදයට යාම් සහ ඒම් ඇතුළත් ගුවන් ගමන් 1400කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී ඇති බවයි.
ගුවන් ගමන් නිරික්ෂක FlightAware ආයතනයේ දත්ත අනුව පසුගිය සිකුරාදා දිනයේ දී ගුවන් ගමන් 7000කට වඩා ප්‍රමාදයක් වාර්තා වුණා.
අමෙරිකානු පාර්ලිමේන්තුවේ මුල්‍ය පනත් කෙටුම්පතට අවසර නොලැබීම සමඟ රජයේ අංශවලට අරමුදල් වෙන් කිරීමට නොහැකිව තිබෙනවා.
ඊට අමතරව රජයේ එදිනෙදා වැඩ කටයුතු ද මේ වන විට ඇනහිට ඇති බවද වාර්තා වනවා.
ගුවන් ගමනාගමන පාලන ආරක්ෂක ගැටළු හේතුවෙන් පසුගිය සිකුරාදා සිට ප්‍රධාන ගුවන්තොටුපොළ 40ක දෛනික ගුවන් ගමන්වලින් 4%ක් කපා හැරීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ගුවන් සමාගම්වලට උපදෙස් ලබාදී තිබුණා.
තවද මෙම වසා දැමීම හේතුවෙන් ගුවන් ගමනාගමන පාලකවරුන්ගේ හිඟයක් ඇති බවද වාර්තා වනවා.
සති ගණනාවක් පුරා ඔවුන්ට සිය වැටුප් පවා නොලැබී ඇති තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මේ තත්ත්වය හේතුවෙන් එක්සත් ජනපදයේ ගුවන් මඟීන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති අතර මේ වන විට එරට කාර්ය බහුලම ගුවන් තොටුපොළවල් 40ක ගුවන් ගමන් ධාරිතාව 10% දක්වා අඩු කරන බවද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය මෙම සතිය මුලදී නිවේදනය කළා.
ප්‍රධාන ගුවන් ගමනාගමන පාලන කාර්ය මණ්ඩල ගැටළු, ගුවන් තොටුපොළ කුළුණු 37කට සහ අනෙක් මධ්‍යස්ථානවලට මෙම තත්ත්වය බලපා ඇති බවත් අවම වශයෙන් එක්සත් ජනපද නගර 12ක ගුවන් ගමන් මේ වන විටත් ප්‍රමාද වී ඇති බවත් ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය වාර්තා පෙන්වා දෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ගුවන් ගමනාගමන පාලන ආරක්ෂක ගැටළු හේතුවෙන් සිකුරාදා සිට ප්‍රධාන ගුවන්තොටුපොළ 40ක දෛනික ගුවන් ගමන්වලින් 4% කපා හැරීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ගුවන් සමාගම්වලට උපදෙස් ලබාදී ඇති බවයි.