×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

හොර පාරෙන් ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

Local  •  Published on: 2025-11-09 14:39:00

නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු තමිල්නාඩු රාමේශ්වරම් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි වන මෙම පුද්ගලයා තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික සරණාගතයින් සඳහා වන කඳවුරක රැඳී සිටින සිය බිරිඳ ඇතුළු ඥාතීන් හමුවීම සඳහා මෙලෙස පැමිණ ඇති බවයි.

ඔහු සරණාගත කඳවුරේ රැඳී සිට ඇති අතර මීට වසර දෙකකට පමණ පෙර ඔහු නිත්‍යානුකූලව ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

රාමේශ්වරම් පොලීසියට ලද බුද්ධි තොරතුරක් මත මණ්ඩපම් සරණාගත කඳවුර අසළ උද්‍යානයක රැඳී සිටියදී මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

සැකකාර ශ්‍රී ලාංකිකයා එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.