×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍යවල තොරතුරු එළියට

Local  •  Published on: 2025-11-11 02:03:34

මාලදිවයින් මුහුදු සීමාවේ දී ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය අඩංගු බවට මාලදිවයින පොලීසිය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

නීතිවිරෝධී ලෙස මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වූ අදාළ ධීවර යාත්‍රාව පසුගිය නොවැම්බර් මස 7 වන දින එරට ජාතික ආරක්ෂක බලකායේ වෙරලාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණා.

එරට පොලීසිය පවසන්නේ අදාළ යාත්‍රාව අවිශ්ක පුතා නැමැති ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් වන බවත් එහි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් පැවැති බවත්ය.

අදාළ යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවද මාලදිවයින් පොලීසිය සඳහන් කරනවා.

එම ධීවරයින් සහ යාත්‍රාව සම්බන්ධයෙන් මාලදිවයින් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර එරට අධිකරණය විසින් ලබාගත් වරෙන්තුවකට අනුව ධීවර යාත්‍රාව ඊයේ (10) දිනයේ විශේෂ සෝදිසි කිරීමකට ලක්කර තිබුණා.

මේ අනුව එම යාත්‍රාවේ මලු 24ක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 58යි ග්‍රෑම් 600ක් මෙතම්ෆෙටමින් හෙවත් අයිස් කිලෝග්‍රෑම් 297යි ග්‍රෑම් 300ක් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය සහ පොලීසිය එක්ව එකාබද්ධව සිදුකළ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකළ මාලදිවයින් පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් ධීවරයින් 5 දෙනා වයස අවුරුදු 39, 42, 28, 34 සහ 63 වයසේ පසුවන ලාංකිකයන් බව අනාවරණය වී තිබෙනවා.

මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය මාලදිවයින් මුහුදු සීමාවේ දී මෙතෙක් වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස වාර්තා වනවා.

මේ අතර පොලීසිය පවසන්නේ මාලදිවයින් ආරක්ෂක අංශ භාරයේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් එරට නීතීපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි.