×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

නවදිල්ලි අගනුවර පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට

Local  •  Published on: 2025-11-11 02:25:13

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඵෙතිහාසික රතු බලකොටුව ආසන්නේ මෝටර් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රතු බලකොටුව අසල මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කණුවක් අසල ඊයේ (10) පස්වරු 06.52 පමණ මෙම පිපිරිම සිදුව ඇති බවයි.

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අටවා තිබූ මෝටර් රථයක් මෙලෙස පිපිරීමට ලක්ව ඇති බව සඳහන්.

පිපිරීමෙන් පුද්ගලයින් 20 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

මම පිපිරීම් පිළිබඳව ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ ජාතික ආරක්ෂක බලකාය විමර්ශන ආරම්භ කර ඇතිබව වාර්තා වනවා.

මෙම පිපිරීමත් සමඟ මුම්බායි, කොල්කටා, බැංගලෝර්, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද් සහ උත්තර් ප්‍රදේශ් වල ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කර තිබෙනවා.

ඊට අමතරව ඉන්දියාවේ සියලුම දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපොළවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වනවා.

මේ අතර මෙම පිපිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සමාජ මාධ්‍ය ගිණුමේ ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සැලවූ සැනින් තමා මහත්සේ කම්පනයට පත් වූ බවයි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පිපිරීම සිදුවූ ස්ථානයට පැමිණ ඒ පිළිබඳ සොයා බලා අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටා ඇති රතු බලකොටුව විශාල සංචාරක ආකර්ෂණයක් ඇති දිල්ලියේ ජනාකීර්ණම ස්ථානයක් ලෙස සැලකෙනවා.

දිනපතා ලක්ෂ 4ත් 6ත් අතර පිරිසක් මෙම ස්ථානය නැරඹීම සඳහා පැමිණෙන බව වාර්තා වනවා.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ නවදිල්ලි අගනුවර සිට කිලෝමීටර් 50ක් පමණ දුරින් පිහිටි හර්යානාහි ෆරීදාබාද් ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,900ක් පසුගිය 9 වන දින සොයාගෙන ඇති බවයි.