×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

බස් - දුම්රිය ඒකාබද්ධ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන හදන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

Local  •  Published on: 2025-11-11 10:15:43

බස්, දුම්රිය, කුලී රථ  යන ප්‍රවාහන මාධ්‍ය අන්තර් සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමේ අරමුණක් සහිතව බස් නැවතුම්පොළක සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර් සම්බන්ධීකරණය තුළින් Tratuit Citits සහ එම Transit Cities හි සිට ප්‍රධාන නගර වෙත කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සහිතව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති බව සඳහන්.

මේ අනුව බස් රථ, දුම්රිය, කුලී රථ ඒ සේවා වැනි ප්‍රවාහන මාධ්‍ය අන්තර් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව දිවයිනේ වැඩිම මඟී සංසරණයක් සිදුවන බවට හඳුනාගෙන ඇති බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධව කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමටත් යටත්ව ප්‍රමුඛතා පදනම මත පහත බහුවිධි ප්‍රවාහන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා වැඩබලන ප්‍රවාහන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කර තිබෙනවා.

* මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ලෝක බැංකු මුල්‍යකරණය යටතේ දැනට ඉදිකිරීම කටයුතු ආරම්භ කර ඇත).

*අනුරාධපුර (දක්ෂිණ) බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිම කිරීමට ආසන්න ව ඇත).