×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

අපිට දෙන කැබ් තුන සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙන්න

Local  •  Published on: 2025-11-11 16:00:54

පක්ෂ හැටියට කුමන ප්‍රතිපත්තියක් තිබුණ ද මෙවර විපක්ෂය හැටියට අප සියලු දෙනා එකට එක්වන්නේ ආණ්ඩුව ගෙන යන ජනතාව රවටන වැඩපිළිවෙල රටට හෙළි කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ දී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින්.

විපක්ෂයේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර තිබෙන බවත් විපක්ෂයේ සියලු දෙනාම ඊට සහභාගී වනු ඇතැයි සිතන බවත් ඒ මහතා මෙහිදී පැවසුවා.

"අපි බලමු 21වෙනිදාට මොකද වෙන්නේ කියලා.

ජනාධිපතිවරයා පැය හතරහමාරක් අයවැය කතා කරලා ලබන අවුරුද්දෙත් ඒ පැය හතර හමාරම කතා කරන්න බලාගෙන ඇති.

අපේ මන්ත්‍රීවරු තුන්දෙනාට කැබ් රථ අවශ්‍ය නැහැ. ඒ ටික අපි සෞඛ්‍ය අමාත්‍යංශයට දෙනවා."