වනිඳුගේ සටන්කාමි ඉනිම අපතේ යවමින් පළමු එක්දින තරඟයේ ජය පාකිස්ථානයට
Local • Published on: 2025-11-12 07:51:27
වනිඳු හසරංගගේ හුදෙකලා ඉනිම අපතේ හරිමින් පාකිස්ථානය සමඟ පැවැති පළමු එක්දින තරඟය ලකුණු 6කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (11) සිදුවුණා.
පාකිස්ථානය ලද මෙම ජය සමඟ තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 1ට 0ක් ලෙස ඔවුන් පෙරමුණ ගනු ලැබුවා.
පාකිස්ථානයේ රාවල්පින්ඩි හි පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංකා පළමුව පන්දු රැකීමට තීරණය කළා.
පාකිස්ථාන ඉනිමේ ලකුණු 95ක් තුළදී පළමු කඩුලු 4 දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වුණා.
කෙසේ වෙතත් පස්වන කඩුල්ලට ලකුණු 138ක සබඳතාවක් ගොඩනැගු සල්මන් අගා සහ හුසේන් තලාත් පාකිස්ථාන ඉනිමට ගෞරවාන්විත ලකුණු පුවරුවක් නිර්මාණය කරනු ලැබුවා.
එම සබඳතාව හුසේන් තලාත් ලකුණු 62කට දැවී යාම සමඟ බිඳ වැටුණා.
ඒ අතර වාරයේ දී සිය එක්දින දිවියේ දෙවැනි ශතකය රැස් කිරීමට සල්මන් අගා සමත් වුණා.
6 වන කඩුල්ලට නොබිඳුණු ලකුණු 66ක සබඳතාවක් එක්කල සල්මන් අගා සහ මොහොමඩ් නවාස් පාකිස්ථාන ලකුණු පුවරුව ලකුණු 300 සීමාව කරා රැගෙන ගියා.
මේ අනුව පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 299ක ලකුණු පුවරුවක් නිර්මාණය කරනු ලැබුවා.
සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ සල්මන් අගා නොදැවී ලකුණු 105යි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගනු ලැබුවා.
ලකුණු 300ක ලකුණු පවුරුවක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා ඇරඹුවේ පැතුම් නිස්සංක සමඟින් කමිල් මිෂාරයි.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 85ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙන දුන්නා.
එම සබඳතාව බිඳ වැටුණේ කමිල් මිෂාර ලකුණු 38කට දැවී යාමත් සමඟයි.
ඉන්පසුව පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා නැවත විවේකාගාරය වෙත හරවා යවන්නට සමත් වුණා.
පැතුම් නිස්සංක ලකුණු 29යි.
සිව්වන කඩුල්ලට නායක චරිත් අසලංක සහ සධීර සමරවික්‍රම ලකුණු 57ක සබඳතාවක් ගොඩනගමින් තරඟයේ වාසිය නැවත ශ්‍රී ලංකාව දෙසට ගෙන ඒමට කටයුතු කළා.
නමුත් සධීර සමරවික්‍රම ලකුණු 39කට සහ නායක චරිත් අසලංක ලකුණු 32කට දවා ගනිමින් තරඟයේ ජය තමා දෙසට හරවා ගැනීමට පාකිස්ථාන පන්දු යවන්නන් සමත් වුණා.
තරඟයේ අවසන් භාගයේ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ වනිදු හසරංග එක් අන්තයක සිට හුදෙකලා සටනක නිරත වෙමින් ලකුණු 59ක් ලබා ගනු ලැබුවා.
මේ අනුව ශ්‍රී ලංකා ඉනිම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 294කට සීමා වුණා.