×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා ගැන අධිකරණය ගත් තීන්දුව

Local  •  Published on: 2025-11-12 09:11:52

අනුරාධපුර ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ලබන නොවැම්බර් මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක් සමඟ පසුගිය නොවැම්බර් මස 5 වනදා අත්අඩංගුවට ගැනුණා.

එප්පාවල නල්ලමදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබුණා.

මෙහිදී අදාළ විදුහල්පතිවරයාට අයත් බව පැවසෙන එප්පාවල ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වළ දමා තිබූ මෙම හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 185ක තොගය සොයා ගෙන ඇති බව සඳහන්.

ඊට අමතරව අදාළ විදුහල්පතිවරයාට විසින් ඒ අසල පිහිටි වැවකට දමා තිබූ මත්ද්‍රව්‍ය මැනීමට භාවිතා කරන විද්‍යුත් තරාදියක් සහ පොලිතීන් සීලර් යන්ත්‍රයක් ද සොයාගෙන ඇති බවද පොලීසිය පවසනවා.

පසුව විමර්ශනවලදී අනාවරණය වුණේ එම විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගය පක්ෂයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්රිවරියක් වන බවයි.

ඊට අමතරව එම විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මීට මාසයකට ඉහත දී හෙරොයින් ග්‍රෑම් 25ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අනතුරුව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කළා.

මේ අතර සැමියාට සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට  හේතුවෙන් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.