×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ගේ නම අවභාවිතා කරමින් ලිංගික අල්ලස් ඉල්ලු අයෙක් රිමාන්ඩ්

Local  •  Published on: 2025-11-12 16:13:47

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකර මහතා නම අවභාවිතා කරමින් කාන්තාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලු පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අද (12) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.

අදාළ පුද්ගලයා සනත් අබේසේකර මහතා ලෙස ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර ඒ හරහා චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව ලබාදෙන බව සඳහන් කරමින් චිත්‍රපට නිළියන්ට කතා කර මුදල් සහ ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධව සනත් අබේසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් සිදුකර තිබූණා.

මේ අනුව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.