×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපති අනුරගෙන් දුරකථන ඇමතුමක්

Local  •  Published on: 2025-11-13 03:10:44

පාකිස්ථානයේ පැවැත්වෙන එක්දින සහ තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) සහතික වී තිබෙනවා.

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම සමඟ එරට පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ ආරක්ෂාව පිළිබඳව ද දැඩි අවධානයක් යොමු වුණා.

ශ්‍රී ලංකාව පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ රාවල්පිණ්ඩි වෙත ගොස් සිටිනවා.

දැනට එහි එක් තරඟයක් පමණක් පවත්වා ඇති අතර තවත් තරඟ ගණනාවක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව සාකච්ඡා කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට සහතික වන බවයි.

මේ අතර ආරක්ෂක ලේකම් සම්පත් තුයිය්කොන්තා මහතා පාකිස්ථානයේ ආරක්ෂක ප්‍රධානීන් සමඟ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා.

එහිදී ඔවුන් ආරක්ෂක ලේකම්වරයාට පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවත් ඔවුන් නවාතැන් ගන්නා හෝටල් වලටද ආරක්ෂක කණ්ඩායම් යොදවා ඒ බව තහවුරු කර ඇති බවත්ය.