×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

අමෙරිකාවේ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන් වෙයි

Foreign  •  Published on: 2025-11-13 09:30:14

අමෙරිකානු ඉතිහාසය එරට රජයක් මුහුණ දුන් දීර්ඝතම රජයේ සේවා අකර්මන්‍යවීම අවසන් කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු සංශෝධිත වියදම් කෙටුම්පතකට අමෙරිකානු කොංග්‍රසයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 222ක් දිනා ගනිමිනි.

පසුව එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය සඳහා යොමු කෙරුණු අතර ඊට ඔහුගේ අත්සන් හිමි වීමත් සමඟ රජයේ වියදම් අකර්මණ්‍යවීම අවසන් වුණා.

ඇමෙරිකාවේ වත්මන් පරිපාලනය මීට මාස එක හමාරකමට පමණ පෙර එරට රජයේ වියදම් කෙටුම්පත කොංග්‍රසයේ අනුමැතියට ඉදිරිපත් කළ නමුත් ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රමුඛ විපක්ෂය ඊට දැඩි විරෝධයක් පළ කළා.

මේ හේතුවෙන් වියදම් කෙටුම්පත සම්මත වීම ප්‍රමාද වුණා.

එය සම්මත කර ගැනීමට අවස්ථා කිහිපයකදී ගත් උත්සාහයක් අසාර්ථක වීම හේතුවෙන් දින 43ක් පුරා අමෙරිකානු රජයේ වියදම් කටයුතු මුළුමනින්ම පාහේ අකර්මණ්‍ය වී ගියා.

මෙම තත්ත්වය සමඟ එරට රජයේ සේවක වැටුප් ගෙවීමට පවා හැකියාවක් ලැබුණේ නැහැ.

දහස් සංඛ්‍යාත රජයේ සේවකයින් අනිවාර්ය නිවාඩු යවා ඉතිරි පිරිස වැටුප් රහිතව සේවයට කැඳවීමට රජය සිදුවුණා.

මේ අනුව 670000කට ආසන්න රජයේ සේවකයින් අනිවාර්ය නිවාඩු යවා ඇති අතර තව්ටැහැ 730000කට අධික පිරිසකට වැටුප් නොමැතිව සේවයේ යෙදීමට සිදු බවද සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ කාලය තුළ 20,000කට අධික ගුවන් වාර සංඛ්‍යාවක් අවලංගු වීම සහ ප්‍රමාද වීම් ද සිදුවූ බවයි.