×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

S&P Global Ratings මෙරට ණය ශ්‍රේණිය ඉහළ දමයි

Local  •  Published on: 2025-09-19 16:49:04

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය 'SD/SD' සිට 'CCC+/C' දක්වා ඉහළ නංවා තිබෙනවා.

ස්වෛරී බැදුම්කර ඇතුළු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය පසුගිය වකවානුවේ දී සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු Fitch Ratings සහ Moody's යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නැංවීමට කටයුතු කළද S&P Global Ratings විසින් එලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට කටයුතු කර තිබුණේ නැහැ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් නිකුත් කර තිබූ ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කරය ප්‍රතිව්‍යුහගත කිරීමට මේ දක්වා ශ්‍රී ලංකාව අපොහොසත් වීම තිබීම මෙලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නොදැමීමට ප්‍රධාන හේතුවක් ලෙස S&P Global Ratings එහිදී සඳහන් කර තිබුණා.

නිවේදනයක් නිකුත් කරමින් S&P Global Ratings පෙන්වා දෙන්නේ 2022 ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බවයි.

ඇතැම් සාර්ව ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවැති මට්ටම් ඉක්මවා යාමට මේ වන විට සමත්ව ඇති බවද ඔවුන් සඳහන් කරනවා.

තවද ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රජයේ සහතික කළ බැඳුම්කර ඇතුළුව, තවමත් පැහැර හැර ඇති වාණිජ ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ ක්‍රියාකාරීව සාකච්ඡා කරමින් සිටියද, කාලය ගෙවී යාම මත පදනම්ව, වත්මන් තත්වයන් යටතේ තවදුරටත් විසඳුමක් ලබා ගැනීමට නොහැකි බව S&P Global Ratings විශ්වාස කරන බවයි.

මෙම පසුබිම තුළ මෙරට ණය සුදුසුකම් පිළිබඳ S&P Global Ratings ඉදිරි දක්වා පිළිබඳ මතය වඩා හොඳින් පිළිබිඹු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා විදේශ මුදල් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් 'SD/SD'  සිට 'CCC+/C' දක්වා ඉහළ දැමුවද ඒ සමඟම දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම් 'CCC+/C' ලෙස තහවුරු කර ඇති බවත් S&P Global Ratings සඳහන් කරනවා.