×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

කෙහෙල්බද්දර පද්මේ ගැන විශේෂ වාර්තාවක් අධිකරණයට

Local  •  Published on: 2025-09-20 02:07:42

පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ පිළිබඳව සිදුකළ විමර්ශන වාර්තාවක් පොලීසිය විසින් ඊයේ (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවට මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එම වාර්තාව ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ අදාළ සැකකරු රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදුකරන බවයි.

තවද ගණේමුල්ල සංජීව ඝාතනයට මෙම සැකකරු සම්බන්ධ දැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය මෙහිදී අධිකරණය හමුවේ පැවසුවා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා රඳවාගෙන සිටින මෙම සැකකරු මහේස්ත්‍රාත්වරයෙකු විසින් නිරීක්ෂණය කර තිබේ දැයි පොලිසියෙන් විමසා තිබෙනවා.

ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරුට නිරීක්ෂණයට ලක්කර තිබෙන බවයි.

මේ අනුව සැකකරු සම්බන්ධව ඉදිරි විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියම කළා.