×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

පතිනායකට තිබ්බ තැන නැති වෙයි - රන්මල් කොඩිතුවක්කුටත් මාරුවක්

Local  •  Published on: 2025-11-16 02:31:27

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි පොලිස් ඉහළ නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සහ පත් කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා.

මේ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පරිපාලන තනතුරට ද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්ත මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු තනතුරේ සිට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට ද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා අපරාධ හා රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුට අමතරව කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහාත් මාරු කර ඇති බව සඳහන්.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජී.එම්.එච්.බී සිරිවර්ධන මහතා පොලිස් මූලස්ථානය සහ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණය කිරිමේ සිට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් ස්ථාන මාරු කිරීම් සිදුකර ඇති බව වාර්තා වනවා.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති එන්.එල් සී සම්පත් කුමාර මහතා විශේෂ කාර්ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව සඳහන්.

මේ අතර පොලිස් පරිපාලන අංශය භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා විනය ක්‍රියාමාර්ගයකට යටත්ව එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වනවා,

කෙසේ වෙතත් ලලිත් පතිනායක මහතා තවදුරටත් මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කරනු ඇති.