×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

පාකිස්ථාන කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවමන් සහගත පරාජයක්

Sports  •  Published on: 2025-11-17 01:39:26

සත්කාරක පාකිස්ථාන කණ්ඩායම හමුවේ අවසන් එක්දින ක්‍රිකට් තරඟයෙන් ද කඩුලු 6ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) රාත්‍රීයේ දී ලබාගත්තා.

මේ අනුව තරඟ 3-0ක් ලෙස පූර්ණ තරඟාවලි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45.2කදී සියලු දෙනා දැවී ලකුණු 211ක් රැස්කරනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම ලකුණු 48ක්ද, කුසල් මෙන්ඩිස් 34ක්ද, පවන් රත්නායක 32ක්ද ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් වසීම් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.

ඊට පිළිතුරු ලෙස පන්දුවාර 45යි පන්දු 4කදී ලකුණු 215ක් ලබා ගනිමින් පාකිස්ථාන කණ්ඩායම සිය ජයග්‍රහණය කර ගැනීමට සමත් වුණා.

පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 61ක්ද, ෆකර් සමාන් ලකුණු 55ක් ද රැස් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය හමුවේ මෙලෙස පූර්ණ තරඟාවලි පරාජයක් අඛණ්ඩව ලැබූ තෙවන අවස්ථාව මෙය වනවා.

තවද 1981 වසරේ සිට පාකිස්ථානය සමඟින් ද්වී පාර්ශවීය එක්දින ක්‍රිකට් තරඟ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා මේ දක්වා ඔවුන් හමුවේ පූර්ණ තරඟාවලි පරාජයක් ලැබූ 6 වන අවස්ථාව මෙය වනවා.