×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

තුන්කොන් විස්සයි විස්ස තරඟාවලිය අදින් ඇරඹේ

Sports  •  Published on: 2025-11-18 02:46:04

පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්සයි තරඟාවලිය අද (18) රාවල්පින්ඩි හිදී ආරම්භ වනවා.

තරඟාවලිය සඳහා පාකිස්ථානය සමඟ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ එක්වීමට නියමිතයි.

තරඟාවලියේ සමාරම්භක තරඟය ලෙස පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (18) පැවැත්වෙනවා.

මෙම තරඟාවලියේ ඊයේ (17) ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද තරඟාවලියට එක්වන කණ්ඩායම්වල ආරක්ෂාව පිළිබඳව මතුවූ තත්ත්වයක් හේතුවෙන් තරඟ කාල සටහන සංශෝධනය කිරීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය ලබන 20 වනදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන 29 වනදා පැවැත්වීමට නියමිතයි.

තරග කාල­ස­ට­හන,

18 : පාකිස්ථානය – සිම්බාබ්වේ

20 : ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ

22 : ශ්‍රී ලංකාව – පාකිස්ථානය

23 : පාකිස්ථානය – සිම්බාබ්වේ

25 : ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ

27 : ශ්‍රී ලංකාව – පාකිස්ථානය

29 : අව­සන් මහ තර­ගය