×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ශ්‍රීලන්කන් බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණයට ප්‍රතිපත්තිමය ගිවිසුමකට අත්සන් තබයි

Local  •  Published on: 2025-11-22 02:06:38

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ප්‍රධාන බැඳුම්කර හිමි කණ්ඩායම සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹ තිබෙනවා.

මෙම බැඳුම්කර හිමි කණ්ඩායම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අදාළ ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රමාණයෙන් 55%ක නියෝජනය කරනු ලබනවා.

මෙයට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සේවය බැඳුම්කර හිමියන් සමඟ සීමා  සාකච්ඡා වට කිහිපයක් පසුගිය ඔක්තෝබර් 23 සහ නොවැම්බර් 19 කාල පරිච්ඡේදය තුළ පවත්වා තිබෙනවා.

මේ සම්බන්ධව සිංගප්පුරු කොටස් හුවමාරු වෙත දැනුම් ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරන්නේ අදාළ බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණයේ මූල්‍ය පරාමිතීන් සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන් සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹීමට හැකි වී ඇති බවයි.

ප්‍රතිපත්තිමය ලෙස එළැඹි මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ අවසාන අනුමැතියට මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ නිල ණය හිමි කමිටුවේ විරෝධතා නොදැක්වීමට යටත් වනු ඇති.