×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

පහළ කඩුගන්නාවේ නායයෑම් ප්‍රදේශය ගැන ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් නිවේදනයක්

Local  •  Published on: 2025-11-23 01:52:49

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ (22) ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ප්‍රදේශය මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට බෙරගල යුද හමුදාව මැදිහත්වීම මත සිදු කෙරෙමින් පවතිනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පවසන්නේ මෙම තත්ත්වය මත ඉදිරි පැය 24ක කාලය තුළත් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගත් බවයි.

ඒ අනුව අදාළ මාර්ගය භාවිත කරන රියදුරන් මේ සඳහා විකල්ප මාර්ග භාවිත කළ යුතු බවද එම සංවිධානය සඳහන් කළා.

විකල්ප මාර්ගය මෙසේයි. කොළඹ > කුරුණෑගල > මහනුවර

කොළඹ > කරඬුපන > මහනුවර

කොළඹ > මාවනැල්ල > හෙම්මාතගම > රම්පල > මහනුවර

කොළඹ > මාවනැල්ල > ගනේවත්ත හන්දියෙන් කොවිල් කන්ද > පිළිමතලාව > මහනුවර

මේ අතර හෙට (24) දින පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා මහනුවර ප්‍රදේශයට සහ කඩුගන්නාව ප්‍රදේශය වෙත යන දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝ මඟින් ආරක්ෂිතව සලසා දීමට කටයුතු යොදා ඇති බව එම සංවිධානය සඳහන් කළා.

තවද මෙම නායයෑම් ප්‍රදේශය නැරඹීම සඳහා සාමාන්‍ය ජනතාව පැමිණීමෙන් වැළකී සිටින ලෙසත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා දන්වා ඇතැයිද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.