×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ජනපති අනුර සහ ජපාන අගමැති අතර නිල හමුව සිදුවෙයි  •  මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පොලිස් අත්අඩංගුවට  •  දඬුවම් දීමේ පනත සංශෝධනයේ අරමුණ ගැන අග්‍රාමාත්‍යවරියගෙන් පැහැදිළි කිරීමක්  •  අමෙරිකාවේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට  •  අයිස්වල‍ට වඩා දරුණු මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බව හෙළි වෙයි

අනුර ජනපති වී අදට වසරයි

Local  •  Published on: 2025-09-21 07:15:00

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී අද (21) වසරක් සපිරෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් 21 වනදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ඡන්ද ලක්ෂ 5634915ක් ලබා ගනිමින් ජනාධිපතිවරයා එය ජයග්‍රහණය කරනු ලැබුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ සැප්තැම්බර් 23 වනදා නව තනතුරේ දිවුරුම් දෙනු ලැබුවා.

2021 වසරේ දෙසැම්බර් 20 වනදා ජාතික ජන බලවේගයේ නායකත්වයට පත්වන ජනාධිපතිවරයා එම බලවේගයේ ජනාධිපතිවරණය ඉදිරිපත් වන්නේ එහි අපේක්ෂකයා ලෙසයි.

ගතවූ වසරක කාලය ආදායම් වියදම් පරතරය අඩු කර ගැනීමට වත්මන් රජය සමත් වී තිබෙනවා.

ඊට අමතරව පළමු මාස 06 තුළ පමණක් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3221ක් බවද සඳහන්.

රජයේ දත්ත වාර්තාවලට අනුව සංචාරක ආදායම, විදේශ ආයෝජන, විදේශ විනිමය, අපනයන සහ රේගු අදායම් යන ක්ෂේත්‍රවලද අදාළ කාලයේ ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

රජයේ ව්‍යාපාර ශක්තිමත් කරමින් නීතියේ ආදිපත්‍ය තහවුරු කිරීමට ද කටයුතු කර ඇති අතර ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ බව රජය සඳහන් කරනවා.

මෙහිදී මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම ඇතුළු ක්‍රියාකාරම්වලට රජය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.