×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර ලබාදෙන්න කැබිනට් අනුමැතිය

Local  •  Published on: 2025-11-25 02:47:50

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊයේ (24) දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

අමාත්‍ය බිමල් රත්නායක සිය සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කළේ මේ අනුව එම කැබිනට් පත්‍රිකාව ඊයේ (24) දිනය තුළම අනුමැතිය හිමිවූ බවයි.

කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාව ඉතාලියේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත දැනුම් දීමට නියමිතව තිබෙනවා.

ඉන්පසුව ඉතාලියේ රියදුරු බලපත්‍ර පිළිබඳව වගකියන ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට නියමිතයි.

එම කටයුතු මාස 2ක් තුළ සිදු කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉතාලියේ වෙසෙන ශ්‍රීලාංකිකයින් විසින් සිදුකළ ඉල්ලීම් සලකා බලා මෙම කැබිනට් පත්‍රිකාව සකස් කළ බවයි.