×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

මහවැලි ගංඟා ද්‍රෝණියේ මහා ගංවතුර තත්ත්වයක්

Local  •  Published on: 2025-11-27 17:09:41

මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තවදුරටත් එම ජලමට්ටම් ඉහළ යනු ඇති බවයි.

එම නිසා අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවට ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවන මහ ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබෙනවා.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ගංඟාව දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාවට හැකි ඉක්මනින් ඉන් ඉවත් වීම වඩාත් සුදුසු බවයි.