×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාව මාතලේ ගම්මඩුවට

Local  •  Published on: 2025-11-28 04:05:07

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවල පෙන්වා දෙන්නේ එම ප්‍රදේශයට මි.මී 540ක වර්ෂාවක් ලැබී ඇති බවයි.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ මි.මී 421ක්, මහනුවර දිස්ත්‍රික්කයේ මාරස්සනට මි.මී 403ක්, මහනුවර දිස්ත්‍රික්කයේ මොරහේනට මි.මී 394ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවලට මි.මී 316ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයට මි.මී 232ක වැස්සලක් ලැබී තිබෙනවා.