×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

අයිස් මත්ද්‍රව්‍ය නිපද වූ බවට සැකකරන ස්ථානයක් වටලයි

Local  •  Published on: 2025-09-22 01:36:25

වැලිගම ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ස්ථානයක් වටලා විදෙස් ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි මෝල්ටා ජාතිකයෙකු බවයි.

අදාළ ස්ථානයේ තිබී මෙතම්ෆෙටමින් (අයිස්) නිෂ්පාදනය සඳහා භාවිතා කළ බව සැක කෙරෙන ද්‍රව්‍ය ද සොයාගෙන තිබෙනවා.

කුලී පදනම මත ලබාගත් නිවසක සැකකරු රැඳී සිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔහු සතුව තිබී සොයාගත් රසායනික ද්‍රව්‍ය කුමන කටයුත්තක් සඳහා යොදා ගත්තේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

අදාළ ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයා මඟින් විශේල්ෂණය කිරීමට නියමිතයි.

දැනට සැක කරන්නේ මෙම ස්ථානයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති බවයි.