×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියානු රජය සහ ජනතාවගෙන් පරිත්‍යාගයක්

Local  •  Published on: 2025-11-29 06:48:57

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් අද (29) දින අලුයම 01.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා වීතිබෙනවා.

ඉන්දීය රජය විසින් පිරිනැමූ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙලෙස රැගෙන ආ බව සඳහන්.

මෙම ආධාර භාර දීමේ අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ Mr. Maitrey Kulkarni, Counsellor (Development Cooperation) Lt. Col. Mandeep Singh Negi (Assistant Defence Adviser) ඇතුළු ඉන්දිය ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

මෙම ආධාර භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් එක්ව තිබුණා.

මේ අතර ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද (29) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දීය ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

එම කණ්ඩායමට කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 76 දෙනෙක් ඇතුළත් වනවා.

මේ අතරට සුනඛයින් සිව් දෙනෙක් ඇතුලත් බව සඳහන්.