×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වීමට ජනපති අද අමෙරිකාවට

Local  •  Published on: 2025-09-22 01:44:07

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේ දී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීමට නියමිත බවයි.

ජනාධිපතිවරයා ලබන බදාදා (24) එරට වේලාවෙන් ප.ව. 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති බව සඳහන්.

මෙම සංචාරය අතරවාරයේ දී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනෙක් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතයි.

ඊට අමතරව ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකිකයන් සමඟ හමුවකට ද සහභාගී වනු ඇති.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක් වීමට නියමිතයි.