×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

කොළඹ නුවර පාර කඩුගන්නාවෙන් නැවත වැසෙයි

Local  •  Published on: 2025-12-04 03:58:47

ගමනාගමනයට විවෘත කර තිබූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය නැවත සීමා කිරීමක් සිදුකර තිබෙනවා.

පසුගියදා වෙළඳසැලක් හා නිවසක් මතට පස් කන්දක් හා ගල් පෙරලීමෙන් සිදුවූ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයන් මෙලෙස ගමනාගමනය නැවත සීමා කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධ අප මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසීමක් සිදුකළා.

එහිදී ඔවුන් පැවසුවේ එම ස්ථානය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පරික්ෂා කිරීමක් සිදුකරන බවත් අත්‍යාවශ්‍ය සේවා සහ ආපදා සහන ක්‍රියාන්විතයට අයත් රථ සඳහා පමණක් එම ස්ථානයෙන් ගමන් කිරීමට අවසර ලබාදී ඇති බවත්ය.

මේ අතර පොලීසියෙන් සිදු කළ විමසීමකදී සඳහන් කළේ මහනුවර සිට රථ වාහන කඩුගන්නාව නගරයෙන් මාර්ග බාධක දමා සීමා කර ඇති ඇති බවයි.

ඊට අමතරව ගනේතැන්න නගරයෙන් මාර්ග බාධක දමා මහනුවර බලා පැමිණෙන රථ වාහන සීමා කර ඇති බවද පොලීසිය පැවසුවා.