×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

කල්පිටිය මුහුදු තීරයේ බෝට්ටුවකින් මත්ද්‍රව්‍ය හමුවෙයි

Local  •  Published on: 2025-12-06 03:34:11

කල්පිටිය මුහුදු තීරයේ දී නාවික හමුදා නිලධාරීන් විසින් සැක කටයුතු බෝට්ටුවක් පරීක්ෂා කර පොහොර උර 3ක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63යි ග්‍රෑම් 718ක් හා හෙරොයින් කිලෝ 14යි ග්‍රෑම් 802ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ ඊයේ (05) රාත්‍රීයේ කළ සිදුකළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ වෙත භාර දී ඇති බව සඳහන්.

මත්ද්‍රව්‍ය තොගය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අදාළ පුද්ගලයා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.