×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ආපදා මරණ තවත් ඉහළට

Local  •  Published on: 2025-12-12 17:01:05

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 640 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයින් 211 දෙනෙක් තවදුරටත් අතුරුදහන්ව ඇති බවයි.

අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් 473138කට අයත් පුද්ගලයින් 1637960 දෙනෙක් ඉන් පීඩාවට පත්ව සිටිනවා.

තවද පවුල් 26103කට අයත් පුද්ගලයින් 82813 දෙනෙක් සුරක්ෂිත මධ්‍යස්ථාන 847ක තවදුරටත් රඳවා සිටින බවද එම මධ්‍යස්ථානය පවසනවා.

පැවැති ආපදා වලින් පූර්ණ නිවාස හානි 5713ක් සිදුව තිබෙනවා.

තවත් නිවාස 104805කට අර්ධ හානි සිදුව ඇති බවද වාර්තා වනවා.