×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

අශෝක රන්වලගේ වෛද්‍ය වාර්තාව තවම ලැබිලා නෑ - පොලීසිය

Local  •  Published on: 2025-12-15 03:16:33

රිය අනතුරට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තා මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බව වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසන්නේ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසුව මන්ත්‍රීවරයා පිළිබඳව ගනු ලබන ඉදිරි නීතිමය පියවර ගන්නා බවයි.

පසුගිය 11 වනදා රාත්‍රියේ මන්ත්‍රීවරයා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුවුණා.

එම අනතුරින් මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙක් තුවාල ලැබුවා.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් අතර මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කළා.