×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

පළාත් 3ක පාසල් හෙට ආරම්භ වෙන්නේ නැහැ - අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම්

Local  •  Published on: 2025-12-15 15:29:43

ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දින ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් මේ බව දැනුම් දී ඇති බවයි.

ඒ අනුව පළාත් 6ක පාසල් හෙට (16) දිනයේ සම්පුර්ණ වශයෙන් විවෘත වන බවද ඒ මහතා පෙන්වා දෙනවා.

බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත්වල පාසල් හෙට (16) දින ආරම්භ වනු ඇති.